හඳුන්නේතිගේ යාළුවා ඩොලර් මිලියනේ එවල ද..?

October 30, 2024 at 8:57 am | by emanisa.lk

මාලිමා ආණ්ඩුව පත්වූ වහා ඩොලර් මිලියනයක් එවන බව ප්‍රකාශ කළ සුනිල් හඳුන්නෙත්තිගේ මිතුරා මේ වන විට එම මුදල ලංකාවට එවා ඇද්දැයි කාංචන විජේසේකර ප්‍රශ්න කරයි.

විපක්ෂයේ සිටිය දී ණය ගෙවන එක කජ්ජක් ද ණය අරගෙන රට පාලනය කිරීමට ආණ්ඩුවක් උවමනා දැයි ඇසූ පිරිස ම මේ වන විට නොනවත්වා ණය ගනිමින් ඇතැයි ඔහු පවසයි.

බලයට පත්ව පාස්පෝට් ගැටලුව විසඳු බවට උදම් ඇනූ ආණ්ඩුව මේ වන විට පෝලිම පහුගිය ආණ්ඩුවට බැර කරමින් ඇතැයි ද පෙන්වා දෙයි.

පසුගිය සමයේ මාලිමාව වෙනුවෙන් සමාජ මාධ්‍යවල පෙනී සිටි තරුණයන් ආණ්ඩුවට මසක් පිරෙන විට දුක වැඩි කමට සැඟව ඇතැයි කාංචන විජේසේකර සඳහන් කරයි.

දෙරණ වාදපිටියට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *