ඩොලර් අර්බුදයට පුංචි අස්වැසිල්ලක්… ඩොලර් මිලියන 2.5න් ඩොලර් 200ක් සොයා ගනී…!

May 25, 2026 at 11:51 am | by emanisa.lk

මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී වංචා කර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදල සොයාගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් ඇමරිකානු බලධාරීන්ගේ සහය ඉල්ලා තිබිණි.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී, එම මුදලින් කොටසක් ඇමරිකාවේ ඩෙලවෙයාර් (Delaware) ප්‍රාන්තයේ බැංකු ගිණුමකට ද, තවත් කොටසක් වෙනත් ප්‍රාන්තයක බැංකු ගිණුමකට ද මාරු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

කෙසේවෙතත්, ඇමරිකානු බලධාරීන් විසින් ශ්‍රී ලංකා බලධාරීන් වෙත දැනුම් දී ඇත්තේ අදාළ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ තිබූ බැංකු ගිණුම සම්පූර්ණයෙන්ම හිස් කර ඇති බවයි.

එහෙත් අනෙක් ප්‍රාන්තයේ තිබූ බැංකු ගිණුමේ තවමත් ඩොලර් 200ක මුදලක් ඉතිරිව පවතින බවත්, එම මුදල නැවත ශ්‍රී ලංකාවට මාරුකිරීමට කටයුතු කරන බවත් ඇමරිකානු බලධාරීන් පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *