මහා භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මුදලෙන් යම් මුදල් ප්‍රමාණයක් එක්සත් ජනපදයේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ බැංකු ගිණුමකට බැර වී ඇති බව සොයාගෙන ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
අදාල මුදල අතුරුදන් වීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන හා සම්බන්ධ ව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග මේ තොරතුරු පවසා තිබේ.
අදාල ගිණුමට, අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ක මුදලෙන් කොපමණ ප්‍රමාණයක් බැරවී ඇද්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.