මහින්දට එන්න කියලා අල්ලසේ රංග ගෙදර නැවතිලා… මහින්ද නිලධාරීන්ට කට උත්තර නැතිකර ගෙදර ගිහින්…

May 21, 2026 at 3:10 pm | by emanisa.lk

එයාර්බස් ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මැයි 12 වෙනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවා තිබිණි.

කෙසේ වුවද අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක එදින කාර්යාලයට නොපැමිණි නිසා හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම ගැන දුරකථන මාර්ගයෙන් උපදෙස් ලබා ගෙන තිබේ.

මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසම් කාර්යාලයට පැමිණ එහි නිලධාරීන්ගෙන් තමන්ට පැමිණීමට කීවේ මන්දැයි විමසා තිබේ. එහිදී කොමිසමේ නිලධාරීන් සහ හිටපු ජනාධිපතිවරයා අතර සිදුව ඇතැයි කියන සංවාදය මෙසේය.

“සර්, අර එයාර්බස් කේස් එකට අදාළව කපිල චන්ද්‍රසේන දීපු ප්‍රකාශයේදී එයා කියලා තියෙනවා එයා තමන්ට ලැබුණු සල්ලිවලින් සර්ට රුපියල් මිලියන 60ක් දුන්නා කියලා. ඒ ගැන ප්‍රකාශයක් ගන්න තමයි සර්ට එන්නේ කිව්වේ.”
“කොහෙදිද මට ඔය සල්ලි දුන්නා කියන්නේ ?”
“සර්ගෙ ගෙදරදී දුන්නා කියලා තමයි කියලා තියෙන්නෙ සර්”
“මගේ කොහේ ගෙදරදීද ?”
“සර්ගෙ හම්බන්තොට ගෙදරදී”
“හම්බන්තොට කොහෙද මට ගෙයක් තියෙන්නේ ?”
“සර්ගෙ හම්බන්තොට ගෙදරදී සල්ලි දුන්නා කියලා තමයි සර් එයා ඒකෙ කියලා තියෙන්නෙ”
“ඉතින් මට හම්බන්තොට ගෙයක් නෑනෙ … එතකොට මේ නැති ගෙදරකදීද මට සල්ලි දීලා තියෙනවා කියන්නෙ?”

අල්ලස් කොමිසමේ නිලධාරීන් ඒ ප්‍රශ්නයට නිහඬව ඉඳලා. ඊටපස්සෙ මහින්ද සුපුරුදු උපහාසත්මක විදියට කිව්වා ලු.
“එහෙනම් ඕගොල්ලෝ ඉස්සරවෙලාම හම්බන්තොට මට තියෙන ගෙදර හොයලා දෙන්නකෝ” කියලා.

මේ විදිහට නිලධාරීන් අමාරුවේ වැටෙමින් කතාව ඉස්සරහට යන අතරේ අල්ලස් කොමිසමේ කාර්යාලය වටේ සෙනඟ එකතුවෙන එක එන්න එන්නම වැඩිවෙච්ච නිසා ඉක්මනින්ම ප්‍රකාශ සටහන් කරගැනීම අවසන් වුණා කියලා තමයි ආරංචිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *