මැයි මස 16 වෙනිදා වාහන ආනයනය සඳහා 50%ක අධිභාරයක් පැනවීමට පෙර හදිසියේම 15 වෙනිදා වාහන 1782ක් සඳහා ණයවර ලිපි නිකුත් කර ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.
නවීන වාහන 1782ක් සඳහා මෙම ණයවර ලිපි නිකුත් කර ඇත්තේ ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන Rebuilding Sri Lanka වැඩසටහනේ සාමාජික ක්‍රිෂාන් බලේන්ද්‍ර, ජනාධිපතිවරයාගේ දකණු අත වන ධම්මික පෙරේරා සහ ඉෂාර නානායක්කාරගේ සමාගම්වලින් බවද ඔහු පෙන්වා දෙයි.
පසුදින ජනාධිපතිවරයා බද්දක් පනවන බවට ඔහුගේ හිතවතුන්ට තොරතුරු ලැබුණේ කෙසේදැයි ප්‍රශ්න කරන මුජිබර් රහුමාන්, මේවා සංවිධානාත්මක අපරාධ බවද අවධාරණය කරයි. බද්ද පැනවීමට පෙර සතිය තුළ වාහන 4000ක් සඳහා ණයවර ලිපි නිකුත් කර ඇති බවටද ඔහු චෝදනා කරයි.
අනුර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හැමදාමත් ගජමිතුරු ආර්ථිකය විවේචනය කළද අවසානයේ ඔහු බලයට පත්වීමෙන් අනතුරුව ගජ මිතුරු ආර්ථිකයක් නිර්මාණය කර ඇතැයි මුජිබර් රහුමාන් ප්‍රකාශ කරයි.