වාහන ආනයන සඳහා 50%ක නව බදු ප්‍රතිශතයක් පැනවීමට පෙර දින මෙරට මහා පරිමාණ ව්‍යාපාරිකයන් දෙදෙනකු විසින් හදිසියේම විදුලි මෝටර් රථ 4,000ක් සඳහා ණයවර ලිපි (LC) නිකුත් කරවා ගෙන ඇති බව හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක පවසයි.
රජය විසින් මෙම නව බදු සංශෝධන ඇතුළත් ගැසට් නිවේදනය පසුගිය 15 වැනිදා රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතව තිබියදී, පැනවීමට නියමිත 50% ක බද්දෙන් සහ නියාමනයෙන් බේරීමේ අරමුණින් එදින උදෑසනම මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු හරහා මෙම වාහන තොගය සඳහා ණයවර ලිපි විවෘත කර ඇති බවට ඔහු චෝදනා කරයි.
ජනාධිපතිවරයා විසින් නිල වශයෙන් අත්සන් තැබීමටත් පෙර රජයේ මෙම අතිශය රහසිගත තීන්දුව මහා පරිමාණ ව්‍යාපාරිකයන් වෙත කලින්ම කාන්දු කර ඇත්තේ කවුද යන්න පිළිබඳව හෙතෙම ප්‍රශ්න කරයි.
මෙම වාහන තොගය අතරින් 3500ක් ආණ්ඩුවට හිතවත් එක් ව්‍යාපාරිකයකු විසින් ද , ඉතිරි වාහන 500 ආණ්ඩුවට අතිශයින් හිතවත් තවත් ව්‍යාපාරිකයකු විසින්ද ඇනවුම් කර ඇති බවද නිරෝෂන් පාදුක්ක ප්‍රකාශ කරයි. මේ නිසා රජයට දළ වශයෙන් කෝටි 2000ක පමණ පාඩුවක් සිදුවනු ඇතැයිද රුපියල අවප්‍රමාණ වීමත් සමග එය තවත් ඉහළ යනු ඇතැයිද ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.