රට බේරාගත් මහින්දට අත තිබ්බොත් ජනතාව නැගී සිටින බව සිකුරුයි…! – සාගර කාරියවසම්…

May 12, 2026 at 11:46 am | by emanisa.lk

රටට වැඩ කළ රට ත්‍රස්තවාදයෙන් මුදා ගත් නායකයින්ට අත තැබීම පහසු දෙයක් නොවන බවත් නම් ඊට එරෙහිව මහ ජනතාව නැගී සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

“මියගිය චන්ද්‍රසේන මහතාගෙන් බලහත්කාරයෙන් තර්ජනය කරලා ප්‍රකාශයක් ලබාගෙන තියෙනවා. ඒ ප්‍රකාශය ලබාගත් වහාම කපිල චන්ද්‍රසේන මහතා අධිකරණයට දැනුවත් කළා තමන්ගෙන් බලහත්කාරයෙන් මරණ තර්ජන කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නම අදාළ ප්‍රකාශයට දාන්න බලකළා කියල.

හැබැයි එහෙම තියාගෙන බලහත්කාරයෙන් මරණ තර්ජන කරලා නම් ලබාගෙන ඒ මත මේ රටට වැඩ කරපු මේ රට ත්‍රස්තවාදයෙන් ගලවා ගත්ත රට සංවර්ධනය කරපු රට වෙනුවෙන් පෙනී හිටපු නායකයින්ව ගෙන්වන්න, ඔවුන් නීතිය අවභාවිතා කරලා නීතියේ රැහැනට හසු කරන්න මේ ආණ්ඩුව සූදානම් වෙනවා නම් ඒක එතරම් පහසු වෙන්නේ නැහැ. එකට විරුද්ධව මේ රටේ ජනතාව නැගී හිටිනවා කියල අපිට ලොකු විශ්වාසයක් තියෙනවා.”

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම අල්ලස් කොමිසම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (12) අල්ලස් කොමිසමට කැඳවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *