අස්වැසුම ප්‍රතිලාභීන් පිරිසකගේ ගිණුම්වලට අප්‍රේල් මාසයේදී දෙවරක් මුදල් බැරවීම අත්වැරදීමක් බව සමාජ සුභ සාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභපති නිමල් කොටවලගෙදර පවසයි.
එය ඉතාම ඉක්මින් නිවැරදි කර බැංකුවලින් මුදල් නැවත ගෙන්වා ගත් බවද සභාපතිවරයා ප්‍රකාශ කරයි.
ඊයේ ෆ්‍රී ලෝයර්ස් සංවිධානය කතානායකවරයාට ලිපියක් යොමු කරමින් සඳහන් කළේ මහජන මුදල් ලක්ෂ 5000ක් වැයකර අප්‍රේල් මස අස්වැසුම දෙවරක් ගෙවා ඇති බවයි.