දූපත් ඇමතිකමින් එළියට එන්න…. ගෙව්වේ RDA එකද ලංකා බැංකුවද කියලා අදාළ නෑ…. කොන්ත්‍රාත්කරුවන්ට දෙවරක් ගෙවූ බව පිළිගන්න…! – නලීන් බණ්ඩාර…

April 27, 2026 at 7:19 pm | by emanisa.lk

මාර්ග සංවර්ධන අධිකාරියේ ගිණුම්වලින් කොන්ත්‍රාත්කරුවන්ට දෙවරක් මුදල් ගෙවා නැතැයි මහා මර්ග නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කළද අදාළ කොන්ත්‍රාත්කරුවන්ට දෙවරක් මුදල් ගෙවා ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.

එය මාර්ග සංවර්ධන අධිකාරි ගිණුමෙන් ගෙව්වද වෙනත් ගිණුමකින් ගෙව්වද යන්න තමන්ගේ ප්‍රශ්නයක් නොවන බවත් අවසානයේ කොන්ත්‍රාත්කරුවන්ට දෙවරක් මුදල් ගෙවා වරදක් සිදුකර ඇති බවත් ඔහු අවධාරණය කරයි.

නි. ඇමතිවරයා දූපත් මානසිකත්වයෙන් සිය අමාත්‍යංශයට කොටුවී සියලු වැරදි ලංකා බැංකුවට පටවමින් තමන් යටතේ ඇති මාර්ග සංවර්ධන අධිකාරිය රැකගන්නට උත්සාහ කළද මේ ආයතන දෙකම රජය සතු මහජන මුදල් හුවමාරු වන ආයතන බවද හෙතෙම පෙන්වා දෙයි.

එසේම මෙම මුදල් ගෙවා ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ කොන්ත්‍රාත්කරුවන්ට මිස රටේ ජනතාවගේ ගිණුම්වලට හෝ ජල සම්පාදන මණ්ඩලයේ කොන්ත්‍රාත්කරුවන්ට නොවන බවද නලීන් බණ්ඩාර අවධාරණය කරයි.

එහෙයින් වගකිව යුතු ආණ්ඩුවක මැති ඇමතිවරුන් ලෙස සාමුහික වගකීමෙන් කටයුතු කරමින් සිදුව ඇති වරද සාකච්ඡා කර නිවැරදි කරගනු විනා පණිවිඩකරු වන තමන්ට වෙඩි තබා පලක් නොමැති බවද නලීන් බණ්ඩාර වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *