මිලියන දෙකහමාරේ හොරකම ගැන හොයන්න ලේකම් අයින් වෙන්න ඕන නෑ…! – නි. ඇමති අනිල් ජයන්ත….

May 5, 2026 at 3:39 pm | by emanisa.lk

ඇමරිකානු ඩොලර් මිලියන දෙකහමාරක් අස්ථානගතවීම පිළිබඳ පරීක්ෂණ සඳහා මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම එම තනතුරම දැරීම බාධාවක් නොවන බව ආර්ථික සංවර්ධන නි. අමාත්‍ය අනිල් ජයන්ත පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ පරීක්ෂණ සඳහා භාජනය වන්නේ මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ණය කළමනාකාරණ කාර්යාලය බවයි.

එහෙයින් සාධාරණ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා අමාත්‍යංශ ලේකම් තනතුරෙහි සිටීම බාධාවක් නොවන බවද අනිල් ජයන්ත ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (05) පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *