අඟහරු ලෝකෙන් හෝ පැමිණ ලංකාවට පහර දී තමන්ට බලය ලබා දෙන තුරු බලා සිටින ශාපකාරී විපක්ෂය අද රටේ ඇතැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සුනිල් රත්නසිරි පවසයි.
“ඊමේල් පණිවිඩේ තිබ්බ ගිණුම් අංක වෙනස් කරලා, ඒ්ක අතරමගදී සයිබර් අපරාධකරුවාගේ ගිණුමට බැර කරගෙන තිබෙනවා. ඒ් සඳහා අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වුවා. නිලධාරීන් කිහිප දෙනෙකුට විනය පරීක්ෂණ පවත්වනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වනවා. ඔ්ස්ට්‍රේලියානු රජය ඊට දායකත්වය ලබාදෙනවා. ඔ්නෑම රාජ්‍යයක ඒවැනි දේවල් වෙන්න පුළුවන්.
අඟහරු ලෝකෙන් හරි ඇවිත් ලංකාවට ගහලා බලය අරන් දෙනවා නම් ඒ් තරම් කැමැත්තෙන් ඉන්නේ. අපේ රටට ශාපයක් වෙච්චි පාපයක් වෙච්චි විපක්ෂයක් තියෙනවා.”
උත්සව අවස්ථාවක් අමතමින් සුනිල් රත්නසිරි මේ බව කීය.