අපට හොරකම් කරන්න ඕන නම් පාරිශුද්ධ මාලිමාවේ ඉන්නේ නෑ…. චන්ද්‍රිකා රනිල් මහින්ද එක්ක කලින්ම එකතු වෙනවා…! – නි. ඇමති නලින් හේවගේ…

April 26, 2026 at 12:43 pm | by emanisa.lk

තම ආණ්ඩුවට කවර චෝදනා එල්ල කළද හොරකම් කළා යැයි චෝදනා කළ නොහැකි බවත් එසේ කළ හැකි නම් ඉබ්බන්ගෙන් පිහාටුද ගලෙන් පට්ටද ලබාගත හැකි බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.

තමන්ට වංචා කිරීමට උවමනා නම් මෙවැනි දේශපාලන ව්‍යාපාරයක රැඳී නොසිට වංචාවට කප්පිත්තන් වන රනිල්, චන්ද්‍රිකා සහ මහින්ද සමග කලින් එකතු වන බවද ඔහු ප්‍රකාශ කරයි.

එසේ නොකර ශුද්ධවන්ත දේශපාලන ව්‍යාපාරයක නිරත වන්නේ වංචාව තුරන් කිරීමට බවත් යම් යම් සිද්ධි සිදු වුවද අවසානයේ ඉන් විපක්ෂයේ නිරුවත හෙළිදරව් වන බවද නලින් හේවගේ අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *