මුදල් අමාත්‍යංශ වෙබ් අඩවියට හැකරුන් ඇතුළු වී වංචාවක් කළද ගම්මන්පිලලා තමන්ගේ ආණ්ඩුවල මිම්මෙන් මාලිමාණ්ඩුව නොමැනිය යුතු බව නි. අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.
රනිල් වික්‍රමසිංහ මහ බැංකු වංචාව සඳහා එහි නිර්නායක වෙනස් කරමින් ඍජුව නියෝග දුන්නද මාලිමාණ්ඩුව එවැනි කිසිවක් කළ ඇත්නම් ඔප්පු කරන ලෙස නි. ඇමතිවරයා අභියෝග කරයි.
විපක්ෂය අශූචි වළක සිට තම ආණ්ඩුවද ඊට ඇද දැමීමට උත්සාහ කළද එය සාර්ථක නොවන බවද මහින්ද ජයසිංහ අවධාරණය කරයි.
ගල් අඟුරු වංචාව පිළිබඳ මෙන්ම ඩොලර් ලක්ෂ විසි පහේ වංචාව ගැනද විමර්ශන කමිටුවක් පත්කරන බවත් විපක්ෂයට ඊට තමන් දන්නා තොරතුරු ලබාදිය හැකි බවත් හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කරයි.