ඒක කරලාම මැරියං …. ආයේ ඡන්දේ ඉල්ලන්න හිතන්නවත් එපා…! – උවිඳු කුරුකුලසූරිය ජනපතිට කියයි…

April 20, 2026 at 10:06 am | by emanisa.lk

ජනාධිපති අනුර දිසානායකගේ යුගයේ කාර්යභාරය දූෂණය වංචාව මුලිනුපුටා දැමීම බව මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය පවසයි.

“මට දී. මූ. ජයරත්නව මතක් වුණා. එයාව මම ඉන්ටර්විව් කළා 94 චන්ද්‍රිකා ආණ්ඩුව ඇවිත් මාස කීපයකට පස්සෙ. ඒව රාවයේ සති දෙකක් පල වුණා. ඔය කලාභවනෙදි කපුගේ ගැන තිබ්බ සම්මන්ත්‍රණය දවසෙදි ලියනගේ අමරකීර්ති මට කිව්ව “උඹ අලුත් ඉන්ටර්විව් කලාවක් පටන් අරං, ඒව පට්ට මචං” කියල​.

එතකොට අමරෙ මහාචාර්යවත් විශ්වවිද්‍යාල ආචාර්යතුමෙක්වත් නෙමෙයි. මම රොනී ද මැල්ව එහෙමත් ඉන්ටර්විව් කරල ඒව පත්තරේ ගිහින් තිබ්බෙ. නමුත් දී.මූ. කිව්ව කතාව තමයි මේක​; මම ඇහැව්ව “දැන් මේ ආණ්ඩුව බලයට ආවෙ ‘හොරකම් හොයනව’ වගේ කතා කියල​, නමුත් මොකුත් වෙන්නෙ නැහැනෙ” කියල​. දීමු කිව්ව “බාල්දියේ කුණු කියල​, හෝදන්න ගත්තොත්, හෝදල හෝදල ඉවර උනාම, ‘බාල්දියේ කොක්ක විතරයි ඉතුරුවෙන්නෙ'” කියලා. [මම මේ කතාව දීමූ මිය ගිය දවසෙත් ලිව්ව]​

ඒ කියන්නෙ බාල්දිය හදල තියෙන කොටස සිනිඳු තහඩුවකින් නමුත් කොක්ක හයිය යකඩ ජාතියකින් කියන එකනෙ. මම ඒකට එකඟ වුනේ නැහැ. නමුත් අනුර සහ අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනාරාල් රංග බාල්දියේ කොක්ක ඉතුරු වෙනකම් සුද්දෙ දෙන්න ඕන​. දූෂණයට විරුද්ධ සටනක අපි ඉන්නෙ. අඩු ගානෙ අනුර ඒක දන්නව​. අනුරගෙ කාර්යභාරය තමා, “යුගයේ මෙහෙවර ඉටු කරල ගෙදර යන එක”​. සුද්දෙම දෙන්න ඕන​. රංගගෙ කාර්යභාරයත් ඒකයි කියල මම හිතන්නෙ. සුද්ද කරලම යන්න​!

අනුර ලොකු කතාවක් දුන්න නේද “දූෂණයට එරෙහි සටන භයානකයි … ” කියල අර පරණ කතාවක් ඒක කියපු කෙනාව කෝට් නොකර​. ඒක කරලම මැරියන්. ඒක තමා “යුගයේ කාර්යභාරය” නුඹට පැවරිලා තියෙන​. ආයෙ ඡන්දෙ ඉල්ලන්න නම් හිතන්නවත් එපා මචං!

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් තුයියල ​ඔක්කොම ජනාධිපති අනුරගෙ ආරක්‍ෂාව හොඳටම බලනව​. දෙකයි පනෙහෙ වැඩවලට යන්න එපා “මිනිස්සු අතර ගිහින්, ඒ අයව අතපත ගගා.” ඒව ජනප්‍රිය දේශපාලනය​!​ උඹ අනිත් උන් රකින්න විකිනෙන්න එපා!”

FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *