ඉල්ලියාස් ප්‍රසන්න සිහින බොඳවෙයි… බලශක්ත අමාත්‍ය ධුරය මණ්ඩලේම කෙනෙකුට….!

April 20, 2026 at 9:41 am | by emanisa.lk

බලශක්ති අමාත්‍ය ධුරය ආණ්ඩුවේ දැනට සිටින අමාත්‍යවරයකු වෙත පැවරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

බලශක්ති අමාත්‍ය ධුරයට අලුත් මුහුණක් පත් නොකර අමාත්‍ය මණ්ඩලයේ කෙනකුටම එහි වගකීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි දැනගන්නට තිබේ.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි එම ධුරයෙන් සිකුරාදා (17) ඉල්ලා අස්වීමෙන් පසු අමාත්‍ය ධුරය පුරප්පාඩු විය.

බලශක්ති අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එම ධුරයෙහි කාර්යයන් ජනාධිපතිවරයා වෙත පැවරෙන අතර ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී නව බලශක්ති අමාත්‍යවරයා පත් කරනු ඇත.

බලශක්ති අමාත්‍ය ධුරය ලබා ගැනීමට නි. අමාත්‍ය අක්‍රම් ඉල්ලියාස් සහ ප්‍රසන්න ගුණසේන අතර සීතල යුද්ධයක් හටගෙන ඇතැයි පසුගිය සමයේ මාධ්‍ය වාර්තා පළවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *