රාජපක්ෂලා හිරේ දමා සුඛිත මුදිත රටක් හැදීමට තරුණ පරම්පරාවට තිබුණු බලපොරොත්තුව ඉටුවූයේදැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් විමසයි.
ගෝඨාභය රාජපක්ෂ පාස්කු ප්‍රහාරයේ පිහිටින් බලයට පැමිණි හෙයින් ඔහුගෙන් ඊට සාධාරණයක් ඉටුවේ යැයි සිතිය නොහැකි නිසා අනුර දිසානායකගෙන් එය බලාපොරොත්තු වූ බවද ඔහු පෙන්වාදෙයි.
එය ඉටු නොවන නිසා ලොකු පොරවල් යැයි සිතා සිටින ගම්මන්පිල වැනි එවුන් පොත් ලියමින් ඔවුන්ගේ න්‍යාය රටම පිළිගත යැයි සිතන බවද මරික්කාර් ප්‍රකාශ කරයි. ගම්මන්පිල පොත් සියයක් ලීවත් රාජපක්ෂලා සේදිය නොහැකි බවද ඊට සජබ ඉඩ නොතබන බවද ඔහු අවධාරණය කරයි.
එස්.එම්. මරික්කාර් මේ බව ප්‍රකාශ කළේ පච මදිවට හොරු සජබ සම්මන්ත්‍රණයට එකතු වෙමිනි.