හඳුන්නෙත්තිගේ උළු ෆැක්ට්‍රියට අවුරුද්දයි… තවම උළු හදන්නේ නෑ…!

March 9, 2026 at 9:50 am | by emanisa.lk

පසුගිය වසරේ මාර්තු 07 වෙනිදා උත්සවශ්‍රීයෙන් නැවත විවෘත කළ යාපනය ඔඩ්ඩුසුඩාන් උළු කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු තවමත් ආරම්භ කර නොමැති බවට සමාජ මාධ්‍ය වාර්තා පළවෙයි.

කර්මාන්ත සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් වසර 35කට පසු ආරම්භ කරන බව කී මෙම කර්මාන්තශාලාවේ උළු සහ ගඩොල් නිෂ්පාදන කටයුතු මගින් විශාල පිරිසකට රැකියා අවස්ථා සම්පාදනය කරන බවද සඳහන් කෙරිණි.

මේ වන විට කර්මාන්ත ශාලාවවේ කිසිදු නිෂ්පාදන කටයුත්තක් සිදුනොවන අතර එය මුරකිරීම සඳහා ස්ථිර සේවකයෙකු සහ තවත් අනියම් සේවකයන් දෙදෙනෙකු බඳවා ගෙන ඇත.

ඒ අනුව ජාතික ජන බලවේග ආණ්ඩුව උතුරු පළාතේ ආරම්භ කරන පළමු ව්‍යාපෘතිය ලෙස ප්‍රකාශ කළ ඔඩ්ඩුසුඩාන් උළු කර්මාන්ත ශාලාව මගින් දැනට උතුරු පළාතට රැකියා තුනක් ලබා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *