ආණ්ඩුව රට පාවාදෙමින් වෙනත් රටවල් සමග අත්සන් කළ හොර ගිවිසුම් රටට හෙළිකළ යුතු බව සර්වජන බලය මෙහෙයුම් ප්‍රධානී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පවසයි.
ඉංග්‍රීසි භාෂාව නොදැන යර්ස්, නෝ කියමින් වෙන රටවල් ලබා දෙන ගිවිසුම් අත්සන් නොකළ යුතු බවද ඔහු ප්‍රකාශ කරයි.
එම ගිවිසුම් දැනුම් තේරුම් ඇති අයට යොමුකර සොයා බලා අත්සන් කළ යුතු බවද මධුර විතානගේ අවධාරණය කරයි.
සර්වජන බලය මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කීය.