ඉන්දු-ලංකා පාලම ලංකා රජයේ යෝජනාවක්… හොඳ නැකතකට දෙරට භූමිය එකතු කරනවා…! – ඉන්දීය මහ කොමසාරිස්…

January 9, 2026 at 12:18 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පාලමක් ඉදිකර දෙරට යා කිරීම ශ්‍රී ලංකාවේ යෝජනාවක් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පවසයි.

එය ආරම්භ කිරීමට සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාවක් සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට දුන් ඉන්දියාවේ යෝජනාව තවමත් පවතින බවත් ඔහු පෙන්වා දෙයි.

එහෙත් ඒ සම්බන්ධයෙන් තවත් වැඩ කිහිපයක් කළ යුතුව තිබෙන බවත් ඒ අනුව භූමිය සම්බන්ධ කිරීම ගැන සුදුසු වේලාවක ඒ පිළිබඳව කටයුතු කරන බවත් මහ කොමසාරිස්වරයා සඳහන් කළේ ය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර භූමිය සම්බන්ධ කිරීමේ පාලම පිළිබඳව නවතම තත්ත්වය ගැන මහ කොමසාරිස් කාර්යාලයේ විශේෂ මාධ්‍ය හමුවකදී ඊයේ (08) ඔහු මේ බව පැවසීය.

මව්බිම

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *