මාලිමා ආණ්ඩුවටත් රනිල්ගේ වැල් පාළමේ යාම හැර විසඳුමක් නෑ…! – අනුර….

May 8, 2024 at 10:46 am | by emanisa.lk

ආර්ථික අර්බුදය ඇති වූ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයා ද්වීපාර්ශ්වීය ණය හිමියන් සමග වෙන වෙන ම සාකච්ඡා කිරීමේ විකල්පයට යා යුතුව තිබූ බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.

2022 වසරේ මුල් මාස 8 ඇතුළත අර්බුදයට මුහුණ දීම සඳහා ඉන්දියාව මෙරට ඩොලර් බිලියන 3.8ක් ලබා දුන් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලබා දීමට සූදානම් සමස්ත ණය සහනය ඩොලර් බිලියන 03ක් පමණක් බවත් හෙතෙම පෙන්වා දෙයි.

කෙසේ වුව ද වර්තමාන ආණ්ඩුව එම මාර්ගය වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යාමට තීන්දු කර ඇතැයි ද අනුර දිසානායක සඳහන් කරයි.

ජනාධිපතිවරයා පවසන ආකාරයට මේ වන විට ආර්ථිකය වැල් පාලමක ගමන් කරන නිසා ආපසු හැරීමට හෝ බිම වැටීමට නොහැකි නිසා සිය ආණ්ඩුවක් යටතේ ද එම ගමන ඉදිරියට යාමට සිදුවන බවයි, ඔහු අවධාරණය කළේ.

දෙරණ 360 වැඩසටහනට එකතු වෙමින් අනුර දිසානායක මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *