කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කර ඇති නිල නිවේදනයක දැක්වෙන පරිදි, වෛද්‍ය බෙල්ලනට එරෙහිව ප්‍රධාන චෝදනා කිහිපයක් එල්ල කර ඇත.
ඒ අතර රජයේ වගකිවයුතු වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කරමින්, පූර්ව අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදීම, විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් අදහස් දැක්වීම, මහ ජනතාව තුළ නොසන්සුන්තාවක් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම වෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරන්නේ රජයේ නිලධාරියෙකු අනුගමනය කළ යුතු ආයතනික සංග්‍රහය සහ විනය රීති උල්ලංඝනය කරමින් ඔහු කටයුතු කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී විධිමත් විනය පරීක්ෂණයක් පවත්වන බවද අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.
පසුගිය කාල සීමාව පුරාම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ ගැටලු සහ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් පිළිබඳ වෛද්‍ය බෙල්ලන මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනාත්මක අදහස් පළ කළ නිලධාරියෙකි. වර්තමාන ආණ්ඩුවට එරෙහිව සිදුකළ වැඩවර්ජනවලට පවා ඔහු විරුද්ධ විය. එසේම සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් අනිල් ජාසිංහ යටතේ සිදුව ඇති බව කියන වංචා දූෂණ සම්බන්ධව සියලු ලිපි ලේඛන සහිතව ඔහු අල්ලස් හා වංචා විමර්ශන කොමිසමට ද පැමිණිලි කර තිබිණි.