මල්වතු ඔයේ ජලය මඩකලපුවට දරා ගන්න බෑ…! – ඇමති සුනිල් හඳුන්නෙත්ති…

November 28, 2025 at 6:57 pm | by emanisa.lk

මේ අවස්ථාවේ මඩකලපුව ප්‍රදේශයේ විශේෂ ආපදාවක් නොමැති බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

“විශේෂ ආපදා තත්ත්වයක් දැනට නැහැ. නමුත් මේ ජල ධාරිතාව මඩකපුවට දරා ගන්න බැහැ. මේක සාමාන්‍ය තත්ත්වය යටතෙත් යට වෙන ප්‍රදේශයක්.

මල්වතු ඔය හරහා විශාල ජල ධාරිතාවක් එනවා. දැනට පාරවල් අවහිර වෙලා. සියලු දෙනාට ඒ ඒ ස්ථානවලට ගිහින් අවශ්‍ය පහසුකම් ලබා දෙනවා.”

ඇමති සුනිල් හඳුන්නෙත්ති මේ බව ප්‍රකාශ කළේ අද (28) මඩකලපුව ප්‍රදේශයට ගුවනින් ගොස් ආපදා තත්ත්වය පිළිබඳ සොයා බැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *