ඇමතිතුමාට ආචාර්යතුමා නොව මහාචාර්යතුමා ලෙස අමතන ලෙස දැනුම් දෙයි….!

November 23, 2025 at 5:18 pm | by emanisa.lk

රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත්‍ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ නමට මහාචාර්ය යැයි එකතු කරන ලෙස දැනුම් දී අමාත්‍යංශ ලේකම්වරයා රාජ්‍ය ආයතන වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

එහි සඳහන් වන්නේ කැලණිය විශ්වවිද්‍යාලය ගරු අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්නට සම්මානිත මහාචාර්ය පදවියක් පිරිනමා ඇති බවයි.

ඒ අනුව මෙතෙක් ඇමතිතුමාගේ නම ඉදිරියට යෙදූ ආචාර්ය පදවි නාමය වෙනුවට මහාචාර්ය නාමය යොදන ලෙස දැනුම් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස