බදු අඩු කරන සුරංගනා කතා 2026න් ඉවරයි… බිලියන 2085 වැට් බද්ද බිලියන 4850ට නගී…!

November 17, 2025 at 6:36 pm | by emanisa.lk

එකතු කළ අගය මත බදු සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු ලියාපදිංචි කිරීමේ සීමාව වසරකට රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමත් සමග නව බදු ගොනු. 25,000ත් 30,000ත් අතර සංඛ්‍යාවක් අලුතෙන් විවෘත වනු ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එහි නීති අංශයේ නීතිඥ දිනේෂ් පෙරේරා පෙන්වා දෙන්නේ මෙසේ එකතු වන අලුත් ලිපිගොනු මගින් අලුතින් රුපියල් බිලියන 150ක් 2026 වසරේදී බදු දැලට එකතු වනු ඇති බවයි.

මෙම වසරේ දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉලක්කය රුපියල් බිලියන 2,085ක් වන අතර මේ වන විට එම ඉලක්කය සපුරා ගැනීමට ආසන්නව පවතී.

2026 වර්ෂයේ අයවැයෙන් රජයේ මුළු ආදායම රුපියල් බිලියන 5,305ක් වශයෙන් ඇස්තමේන්තු කර ඇති අතර ඉන් බිලියන 4,850ක් බදුවලින්ද බිලියන 455ක් බදු නොවන ආදායම්වලින් ද අපේක්ෂිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *