දඹුලු විහාර ඉඩම් ජනාධිපති ලේකම් කාර්යාල කොල්ල කනවා… ජාවාරම නවතා සඟසතු ඉඩම් වහා පවරා දෙනු…! – විහාරාධිකාරී හිමි…

October 27, 2025 at 10:58 am | by emanisa.lk

ඓතිහාසික දඹුල්ල රජමහා විහාරය සතු ඉඩම්, සංවර්ධනයේ මුවාවෙන් කොල්ලකමින් සිටින බවට විහාරයේ බාරකාර හිමියන් වන පූජ්‍ය දඬුබැඳිරුප්පේ මහින්ද හිමි ආණ්ඩුවට චෝදනා කරයි.

දඹුළු විහාරය සන්තක ඉඩම් මුලින් පවරා දෙනු ලැබුවේ දඹුල්ලේ සංවර්ධනය සඳහා වුවද, දැනට එම ඉඩම් බදු දීම සහ අන්සතු කිරීම වැනි කටයුතු සිදුවෙමින් පවතින බව එහිමියන් සඳහන් කරයි.

විහාරයට අයත් ඉඩම්, බදු දීම සිදුවන්නේ ජනාධිපති කාර්යාලයෙන් බවට බදුකරුවන් විසින් ප්‍රකාශ කර තිබේ. උන්වහන්සේ දැඩි ලෙස අවධාරණය කරන්නේ මෙවැනි කාරණා ජනාධිපති කාර්යාලයෙන් සිදුනොවිය යුතු බවයි. එසේ සිදුවන්නේ නම්, ජනාධිපති කාර්යාලයේ ඒ කියන බලවතා කවුදැයි ප්‍රකාශ කරන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටිති.

පූජ්‍ය මහින්ද හිමියන් පෙන්වා දෙන්නේ, නාගරික සංවර්ධන අධිකාරියට මෙවැනි බදු දීමේ ක්‍රියාවලීන් සිදුකිරීමට කිසිදු අයිතියක් නොමැති බවයි. කෙසේ වෙතත්, සංවර්ධනයේ මුවාවෙන් දඹුළු විහාරය වටා ඉඩම් ජාවාරම් කරන විවිධ ජාවාරම්කරුවන් අද වන විට බිහිවී සිටින බවද උන්වහන්සේ සඳහන් කරති.

මෙම ජාවාරම වහාම නතර කළ යුතු බවට ඉල්ලීමක් කරන උන්වහන්සේ, දැනට බදු දී ඇති දඹුළු විහාරයේ ඉඩම් වහාම නැවත අත්පත් කරගැනීමට ඉතා කඩිනමින් ක්‍රියා කළ යුතු බවට දැඩි සේ අවධාරණය කර සිටිති. මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ මෙම කරුණු අනාවරණය කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *