රටේ පවුල්වලින් සියයට 83ක් ඉන්නේ යාචක මානසිකත්වයේ….වගකියන්න ඕන හිටපු පාලකයෝ…! – ඇමති උපාලි පන්නිල…

October 21, 2025 at 3:51 pm | by emanisa.lk

මෙරට පවුල්වලින් සියයට 83ක් යාචක මානසිකත්වයකින් පෙළෙන බව ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ ඇමැති, ආචාර්ය උපාලි පන්නිලගේ පවසයි.

“රටේ ජනතාව ආධාර ලබාගැනීමේ අවශ්‍යතාවකින් නොව, පුදුම මානසිකත්වයකින් පෙළෙනවා. මෙයින් පෙනෙන්නේ අප ආර්ථික වශයෙන් පමණක් නොව, මානසික වශයෙන්ද බරපතළ ලෙස දිළිඳු බවයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2024 වසරේදී මෙරට සිටින මුළු පවුල් සංඛ්‍යාව ලක්ෂ 52යි. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභය ඉල්ලා පවුල් සංඛ්‍යාව ලක්ෂ 43ක්. එනම් රටේ සමස්ත පවුල්වලින් 83%ක් මානසික යැපුම්භාවයෙන් පෙළෙනවා. මේක මේ රටේ දශක ගණනාවක් පුරා පැවති දේශපාලන සංස්කෘතියේ සෘජු ප්‍රතිඵලයක්.

මේ රටේ ජනාධිපතිවරුන් ලෙස කටයුතු කළ අය පවා, මහජනතාව විසින් තමන්ව බලාගත යුතු බවත්, තමන්ට ගෙවල්, වාහන, සහ සේවකයන් ලබා දිය යුතු බවත් අපේක්ෂා කරනවා. කෝටි ප්‍රකෝටි ගණන් මහජන මුදල් ඔවුන් වෙනුවෙන් වැය කළ යුතු යැයි සිතන දේශපාලන සංස්කෘතියක් අප නිර්මාණය කර තිබෙනවා.

ඒ දේශපාලන සංස්කෘතියට ගැළපෙන, රජයෙන් යැපෙන සමාජයක්ද අප නොදැනුවත්වම ගොඩනගා අවසන්. මෙම යැපුම් මානසිකත්වයෙන් රට සහ ජනතාව මුදා ගත්තේ නැත්නම්, ශ්‍රී ලංකාවට කිසිදා ඉදිරියට යා යන්න බැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *