පාස්කු මහ මොළකරු හඳුනාගත් බව රවී කීවා… තනතුර බේරගන්න බොරු කිව්වද මං දන්නේ නෑ…! – නිසාම් කාරියප්පර්….

October 16, 2025 at 9:52 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවි සෙනෙවිරත්න මහතා විසින් උසස් නිලතල කාරක සභාවේදී ප්‍රකාශයක් සිදු කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස්යේ මහ ලේකම් නිසාම් කාරියප්පර් නැවතත් අවධාරණය කරයි.

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හැටියට පත්වීම ස්ථීර කිරීම සඳහා උසස් නිල සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේදී රවි සෙනෙවිරත්න අවසානයේදී පැවසූයේ “අපි දැනටමත් මහ මොළකරු හඳුනාගෙන තිබෙනවා” යනුවෙන් බව නිසාම් කාරියප්පර් පෙන්වා දෙයි.

ඔහු මේ බව සඳහන් කළේ හිරු නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමිනි.

ඔහු සඳහන් කළේ, අනතුරුව පොලිස් නිවේදනය මඟින් සිය ට්විට් පණිවිඩයේ කිසිදු කරුණක් වැරදි බවට ප්‍රතික්ෂේප කිරීම කර නොමැති අතර එමගින් නිවැරදි කර ඇත්තේ වෙනත් මන්ත්‍රීවරයෙකුගේ ට්විටර් පණිවිඩයක ඇති වැරදි කරුණක් පමණක් බවයි.

නිසාම් කාරියප්පර් එහි දී කියා සිටියේ, රවි සෙනෙවිරත්න මහතා විසින් සිය පත්වීම ස්ථිර කර ගැනීම සඳහා කාරක සභාවේ විශ්වාසය දිනා ගැනීමේ අරමුණින් මෙම ප්‍රකාශය සිදු කළාදැයි තමා නොදන්නා බවයි.

වසන්ත සමරසිංහ මේ පිළිබඳ පිළිබඳව තමන්ගෙන් ප්‍රශ්න කළ යුතු බව ප්‍රකාශ කළද, කාරක සභාවෙන් අයින් කිරීමේ හෝ ප්‍රශ්න කිරීමේ අයිතිය ඇත්තේ නීත්‍යානුකූල සභාපතිතුමියට බව නිසාම් කාරියප්පර්ගේ ස්ථාවරය විය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මහජන නියෝජිතයකු ලෙස මෙවැනි වැදගත් කරුණක් මහජනතාවට දැනුම් දීම වරදක් නොවන බවත්, එයින් එන ඕනෑම ප්‍රතිඵලයක් විඳීමට තමා සූදානම් බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *