ඖෂධයක් හිඟයක් ඇති වූ පමණින් ඒවා ගෙන්වීමේ හැකියාවක් නොමැති බවත් එම සමස්ත ක්‍රියාදාමයට මාස 9ක පමණ කාලයක් ගත වන බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඖෂධ යනු සහල් ලූනු අල මෙන් නොව ටෙන්ඩරය ලබා දුන් පසු නිෂ්පාදනය ආරම්භ කරන නිෂ්පාදනයක් බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.
මේ වන විට රට තුළ ඖෂධ හිඟයක් උද්ගතව ඇත්තේ පසුගිය ආණ්ඩුව නිවැරදි ආකාරයට ඖෂධ ඇනුවම් නොකළ නිසා බව ද හෙතෙම පෙන්වා දෙයි.
සිය ආණ්ඩුව ඉදිරි වසර සඳහා එම කටයුතු 80%ක් පමණ මේ වන විටත් අවසන් කර ඇති නිසා නොවැම්බර් මැද පමණ වන විට අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ හිඟය බොහෝ දුරට මග හැරී යනු ඇති බවද ඇමති නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.