පාස්කු ප්‍රහාරය සිදුවූයේ අද ඊයේ නොව 2019 වසරේ එනම් දැනට වසර 6කට පෙර බව ජනාධිපති අනුර දිසානායක පවසයි.
අපට ඉතාම දක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක් ඇති බවත් ඔවුන් රටේ බොහෝ අපරාධ විසඳුවද ඇතැම් අපරාධ විසඳිය නොහැකිව ඇත්තේ ඒ පිටුපස දේශපාලනය ඇති නිසා බවත් හෙතෙම පෙන්වා දෙයි.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි අපේක්ෂා කරන පිරිස අනතුරුව බලයට පැමිණෙන බවත් එම අපරාධකරුවන් ඊට අදාළ සාක්ෂි විනාශ කිරීම සහ පරීක්ෂණ වෙනත් දිශාවකට යොමු කිරීම ආදිය සිදුවිය හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.
මේ වන විට පරීක්ෂණ විධිමත්ව ඉදිරියට යන බවත් ඉදිරියේදී එවක සක්‍රීය හමුදා සේවයේ සිටි දෙදෙනෙක් අත් අඩංගුවට ගැනීමට නියමිත බවත් ජනාධිපති අනුර දිසානායක අනාවරණය කරයි.
ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔවුන් නැඟූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.