ඡන්ද පොරොන්දු ඉටු කරනු… රු. 2000ක වැටුප් ඉල්ලා වතු කම්කරුවෝ යළි සටනට..!

September 20, 2025 at 10:26 am | by emanisa.lk

දිනපතා ඉහළ යන ජීවන වියදමට සාපේක්ෂව තම දෛනික වැටුප රුපියල් 2,000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ වතු කම්කරු පිරිසක් පසුගියදා උද්ඝෝෂණයක නිරත වූහ.

උද්ඝෝෂකයන් පෙන්වා දෙන්නේ, දැනට ලැබෙන වැටුප ජීවත් වීමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි. භාණ්ඩ හා සේවා මිල අහස උසට නැඟ ඇති බැවින්, පවුල් නඩත්තු කිරීම දැඩි අභියෝගයක් වී ඇති බවට ඔවුහු මැසිවිලි නගති.

පසුගිය මැතිවරණ සමයේදී තම වැටුප් වැඩි කරන බවට වත්මන් රජය පොරොන්දු වූ බවත්, මෑතකදී ඉදිරිපත් කළ අයවැය මගින් දෛනික වැටුප රුපියල් 1,700 දක්වා වැඩි කරන බව පැවසුව ද, මේ වන තුරුත් එය ක්‍රියාත්මක වී නොමැති බව ද උද්ඝෝෂකයෝ චෝදනා කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *