ආණ්ඩුවේ තීන්දුව හරි… දරුවන්ට ඉතිහාසය ඉගැන්විය යුතු නෑ… අර්ජුන් රාමනාදන්…

July 25, 2025 at 12:22 pm | by emanisa.lk

පාසල් දරුවන්ට ඉතිහාසය ඉගැන්වීම නතර කළ යුතු බව පාර්ලිිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන් පවසයි.

1600 සිට ම ලංකාවට ඇත්තේ හොඳ ඉතිහාසයක් නොවන බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

ඉතිහාසයේ උගන්වන්නේ ලංකාව දෙමළ මිනිස්සුන්ගේ ද සිංහල මිනිස්සුන්ගේ ද යන්න බවත් එය මිනිසුන්ගේ ඔළුවලට නොදැමිය යුතු බවත් අර්ජුන් රාමනාදන් අවධාරණය කරයි.

එම විෂයන් අවශ්‍ය නම් පමණක් ඉගනීමට විකල්ප විෂයක් ලෙස පැවතීම ප්‍රමාණවත් බව ද ඔහු සඳහන් කරයි.

ඊයේ (24) ස්වර්ණවාහිනී රතු ඉර වැඩසටහනට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *