පාස්කු ප්‍රහාරය වළක්වා නොගත් ගෝඨාභයට දඬුවම් දෙනු….! – කතෝලික සභාව….

July 21, 2025 at 10:07 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරය වළක්වා නොගත් හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව කතෝලික සභාව පවසයි.

කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා, හිටපු බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන සේවයෙන් පහ කිරීමෙන් නොනැවතිය යුතු බව ද පෙන්වා දෙයි.

කාදිනල්තුමා රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර තනතුරු ලබා දෙන්න යැයි නොකී බවත් ගෝඨාභය රාජපක්ෂ මාරු කළ නිලධාරීන් නැවත එම තනතුරුවලට පත්කරන ලෙස පමණක් ආණ්ඩුවෙන් ඉල්ලා සිටි බවත් ජූඩ් ගාමිණී පියතුමා අවධාරණය කරයි.

පියතුමා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (20) කතෝලික සභාව කැඳවූ මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *