අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට සමගාමීව තවත් ශිෂ්‍ය සංවිධානයක් එම නමින්ම ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පෙරටුගාමී සමාජවාදී පක්ෂය යටතේ ක්‍රියාත්මක වන අතර නව ශිෂ්‍ය සංවිධානය ආණ්ඩුව විසින් නිර්මාණය කර ඇතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කරයි.
මෙම නව සංවිධානය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නාමය සහ ලාංඡනය ද නීති විරෝධී ලෙස භාවිතයට ගෙන ඇතැයි ඔවුහු චෝදනා කරති. මේ වන විට අලුතින් ආරම්භ කළ ශිෂ්‍ය සංවිධානය ලයික් 1000ක් සහිත ෆේස්බුක් පිටුවක් ද ප්‍රසිද්ධියට පත්කර තිබේ.