හරිනි යන්නේ කොයි පාරේ රනිල් සීයා ගිය පාරේ…. ආණ්ඩුවේ අධ්‍යාපන සෝදාපාළුවට FUTAත් එරෙහි වෙයි…!

July 19, 2025 at 3:50 pm | by emanisa.lk

අගමැතිනි හරිනි අමරසූරිය විසින් ගෙන ඒමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය දැඩි විරෝධය පළ කරයි.

විශ්වවිද්‍යාල ආචාර්‍ය සමිති සම්මේලනයේ ලේකම් කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පවසා සිටියේ අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අගමැති හරිනි අමරසූරිය ගෙනෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සෞන්දර්ය වැනි විෂයයන් තෝරාගැනීමට ඇති විෂයයන් කර අනිවාර්ය විෂය කාණ්ඩයෙන් ඉවත්කර ඇති බවයි. එපමණක් නොව ඉතිහාසය විෂයය අතුගා දැමීමට කටයුතු කර ඇති බවට ද ඔහු චෝදනා කරයි.

අගමැති හරිනි අමරසූරිය ගෙනවිත් තිබෙන්නේ ජාතික ජනබලවේගය පක්ෂය ඉදිරිපත් කළ අධ්‍යාපන ප්‍රතිපත්තිය නොවන බව පැවසූ චාරුදත්ත ඉලංගසිංහ මේ සම්බන්ධව කිසිදු පාර්ශ්වයක් සමඟ සාකච්ජා කර නොමැති බවට ද චෝදනා කරයි.

අගමැති හරිනි අමරසූරියගේ වත්මන් ක්‍රියාකලාපය හරියට කිව්වොත් ‘හරිනි යන්නේ කොයි පාරේ: රනිල් සීයා ගිය පාරේ” යනුවෙන් පැවසිය හැකි බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *