අපි වාහනවල යනවා.. අලුත් ඇඳුම් සපත්තු අඳිනවා… ජනතාවට කෙළවෙද්දි අපි සංවර්ධනය වෙලා…! – ඇමති ලාල්කාන්ත….

July 19, 2025 at 11:13 am | by emanisa.lk

ජනතාව සංවර්ධනය උදෙසා පිහිටව වූ ආයතනවල සිටින හැමෝම සංවර්ධනය වුව ද ජනතාවට කෙළ වී ඇතැයි කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

“දැන් ඔය පැත්තේ වාඩි වෙලා ඉන්න අය මේ පැත්තේ වාඩි වෙලා ඉන්න අයයි බැලුවොත් ජීවන මට්ටමේ වෙනසක් පේනවද නැද්ද. පේනවනේ.

හැබැයි කෘෂිකර්ම දෙපාර්තමේතුව, ප‍්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු අය, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා, අධ්‍යක්ෂ ජෙනරල්තුමා, එතකොට ඔක්කොම අපි පවත්ව යන්නේ මේ පැත්තේ ප්‍රශ්නේ විසඳන්න කියලා. ඔය පැත්තේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කියලා තමයි හැමදාම මේ පැත්තේ කට්ටිය හිටියේ. ඒකනේ ඇත්ත.

හැබැයි මේ පැත්තේ කට්ටියකගේ ප්‍රශ්නය සෑහෙන දුරකට විසඳිලා තියෙනවා. මේ පැත්තේ ප්‍රශ්නය එහෙම්මයි. රට දිහා බලන්න. අපි එන්නේ වාහනවල. දැන් අපි ඇඳන් ඉන්න ඇඳුම් දිහා බලන්න දාලා ඉන්න සපත්තු දිහා බලන්න මේ කන්නාඩිය දන්න. මේක දාගත්තම හොඳට පේනවා මට ඕගොල්ල.

මේ ඔක්කොම දිහා බැලුවම මොකක්ද වෙලා තියෙන්නේ ජනතාව සංවර්ධනය කරන්න කියලා පිහිටවපු ආයතනවල ඉන්න අපි හැමෝම සංවර්ධනය වෙලා තියෙනවා. ජනතාවට කෙලවෙලා.”

උත්සව සභාවක් අමතමින් ඇමති ලාල්කාන්ත මෙසේ පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *