වැඩ වර්ජන කියන්නේ මහ අපරාධයක්…පාඩුව පියවන්න සති ගාණක් යනවා.. සත පහක වැඩක් නෑ…! ඇමති නලින්ද ජයතිස්ස…

July 19, 2025 at 8:41 am | by emanisa.lk

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා අපට පැය 24 හෝ 48ක් අඩු වූ විට එම පාඩුව පියවා ගැනීම සඳහා සතියක් පමණ වෙහෙසී වැඩ කළ යුතු බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

“වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා අපට පැය 24ක් 48ක් අඩු වෙනවා කියන්නේ ඒ වේගය අල්ල ගන්න අපට සතියක් විතර මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා.

ඒ නිසා මම කරුණාකරලා වෘත්තීය සමිති නායකයන්ට කියන්නේ මේ කාර්යාල වහලා එළියට බැහැලා වර්ජනය කළා පමණින්ම සියල්ල කරන්න බෑ.

සමහර දේවල්වල අපට භාරණ්ඩාගාරයත් එක්ක සාකච්ඡා කරන්න කාලයක් යනවා. වැඩවර්ජනය කරලා මේක කඩාකප්පල් කරලා සත පහක වැඩක් නෑ.”

උත්සව සභාවක් අමතමින් ඇමති නලින්ද ජයතිස්ස මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *