ඇමති හඳුන්ගේ වැරදි කියූ අනිත්දා පුවත්පතට තහනමක්…!

July 14, 2025 at 12:27 pm | by emanisa.lk

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති විසින් ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ සභාපති අශෝක පීරිස් කිසිදු දැනුම්දීමක් නොකොට ඉවත් කිරීම පිළිබඳ සිදුකළ අනාවරණය නිසා සිය පුවත්පත එම ආයතනයට මිල දී ගැනීම නවතා දමා ඇතැයි අනිත්දා පුවත්පත පවසයි.

මේ සම්බන්ධයෙන් ලංකා මිනරල්ස් ආයතනය සිය පුවත්පත වෙත ජුලි 08 වෙනිදා දිනය සහිතව ලිපියක් යොමු කර ඇති බව ද එම පුවත්පත ප්‍රකාශ කරයි.

එමගින් ප්‍රකාශ කොට ඇත්තේ 2025 වසර සඳහා අනිත්දා පුවත්පත මිල දී ගැනීමට කළ ඇනවුම ජුලි මස 09 වෙනිදා සිට අත්හිටුවා ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *