තමන් සහභාගී වූ මැතිවරණ සියල්ලම පරාජයට පත් වූ සජිත් ප්‍රේමදාස සමඟ තවදුරටත් ගමනක් නොමැති බැවින් ඔහු ඉවත්කොට පක්ෂ නායකත්වය සඳහා වෙනත් ජ්‍යේෂ්ඨයකු පත් කිරීමට සජබ පසුපෙළ සාකච්ඡා ආරම්භ කොට ඇතැයි වාර්තා වෙයි.
2019 ජනාධිපතිවරණය සමඟ මේ දක්වා පැවති මැතිවරණ සියල්ලම සජිත් ප්‍රේමදාස පරාජය වූ අතර ඔහුගේ හිතවාදීන් කොපමණ ඉලක්කම් විජ්ජාවන් පෙන්වුවද ඔහුට ජයගත නොහැකි බව මේ වන විට ඔප්පු වී හමාර බවයි, ඔවුන් පෙන්වා දී ඇත්තේ.
විපක්ෂ නායක ලෙස සිටිය දී ඔහු අභිබවා ජාතික ජන බලවේගය 3% සිට ජනපති පුටුව දක්වා පැමිණියේ ද ඔහුගේ දුර්වල බවත් එජාප හිතවාදී ඡන්ද පදනම ජය ගැනීම ඔහුට නොහැකි බවත් පෙන්වා දෙන එම කණ්ඩායම සජිත් ප්‍රේමදාස නායකත්වයෙන් ඉවත් විය යුතු බව අවධාරණය කරති.