දැනට හිඟව පවතින ඖෂධ වර්ග 56ක් පමණ නැවත ලබා ගැනීමට 2025 අග භාගය දක්වා කල්ගත විය හැකි බව වාර්තා වෙයි.
වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ 2025 පෙබරවාරි වාර්තාවට අනුව අත්‍යවශ්‍ය ඖෂධ 333 ක තොග දැනට නොමැති බව වාර්තා වෙයි.
එසේම පිළිකා, දියවැඩියාව, අපස්මාරය සහ මානසික රෝග වැනි නිදන්ගත හා බරපතළ රෝග සඳහා අත්‍යවශ්‍ය ඖෂධ රාජ්‍ය හා පෞද්ගලික රෝහල් අංශ දෙකෙහිම හිඟය. පෞද්ගලික අංශයේ ඖෂධ සැපයුම 30%කට වඩා පහත වැටී ඇති අතර බොහෝ ඔසුසල්වලට ඉල්ලුම සපුරාලීමට නොහැකි වී තිබේ.
මේ අතර පිළිකා ඖෂධ, ඉන්සියුලින් සහ ජීවනී ඇතුළු ඖෂධ බොහෝ අවස්ථාවල ලබාගත නොහැකි හෝ දැරිය නොහැකි මිල මට්ටමක පවතී.