පුනරුදයේ අමුතු බදු ගැහිල්ලක්… මන්ත්‍රී වැටුපට බද්ද රු. 3720යි… ජනතාවගේ වැටුපට බද්ද රු. 20 000යි…!

July 13, 2025 at 9:59 am | by emanisa.lk

සාමාන්‍ය ජනතාවගෙන් අය කරන ආදායම් බද්දට වඩා විශාල වශයෙන් අඩු බද්දක් මැති ඇමැතිවරුන්ගෙන් අය කරන බව අනාවරණය වෙයි.

මේ බව හෙළිදරව් වී ඇත්තේ පසුගියදා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ සිය මන්ත්‍රී මාසික වැටුප් වාර්තාව අනුව ය.

එහි සඳහන් වන ආකාරයට මන්ත්‍රීවරයකුගේ සාමාන්‍ය වැටුප සියලු‍ දීමනා ද එක්ව ගත් කල මසකට රුපියල් 3,27,713ක් වන අතර ඉන් ආදායම් බදු ලෙස අයකර ඇත්තේ රුපියල් 3720ක් පමණි.

එහෙත් සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 3ක වැටුපක් ලබන වෙනත් සේවකයකුගෙන් මාසිකව අය කරන ආදායම් බද්ද රුපියල් 20,000 කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *