හිරේ ලගින්න බෑ කියා ජ’පුර විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරිය ඉල්ලා අස්වෙයි..!

July 4, 2025 at 2:21 pm | by emanisa.lk

හිරේ යන්න බැරි බව පවසමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අස්ථි පිළිබඳ විශේෂඥ වෛද්‍ය කෞශල්‍යා කරුණාරත්න ඉල්ලා අස්වේ.

අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ නොමැතිව ශල්‍යකර්ම සිදුකල නොහැකිබව දැනුම්දෙමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය වරියක් ඉල්ලා අස්වී ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි.
එම ආරංචිමාර්ග සඳහන් කරන පරිදි එසේ ඉල්ලා අස්වී ඇත්තේ, විශේෂඥ වෛද්‍ය කෞශල්‍ය කරුණාරත්න (Consultant orthopedic surgeon) යි.මේ අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරුන් විසින් රෝගීන් සඳහා බාහිරින් ඖෂධ නියම කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ද වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බාහිරින් ඖෂධ ලබා ගැනීම සඳහා නව නිර්ණායක නිල වශයෙන් නිකුත් කරන තෙක් මෙම තීරණය ක්‍රියාත්මක වන බව එම වෛද්‍ය වරුන් පවසති.බාහිරින් ඖෂධ නිකුත් කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට ඇතිවන නීතිමය ගැටලු හේතුවෙන් මෙලෙස බාහිරින් ඖෂධ නියම කිරීමෙන් වැළකී සිටීමට ඔවුන් තීරණය කර ඇතැයි පැවසේ.

මෙම තත්ත්වය හටගෙන ඇත්තේ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිදුවීමෙන් පසුවය.එම වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, තමන්ට සිරගත වීමට නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වගකීම භාරගෙන රෝගීන්ට සාධාරණයක් ඉටු කරන ලෙසත්ය.

මෑතකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී වෛද්‍යවරුන් සිය ස්ථාවරය පැහැදිලි කර ඇත.එහිදී, රෝගීන් සඳහා බාහිරින් ඖෂධ ලබා දීම සඳහා අනුගමනය කළ යුතු නිල නිර්ණායක කඩිනමින් නිකුත් කරන තෙක් මෙම පියවර ගන්නා බව ඔවුන් දැනුම් දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ ප්‍රධානියා මේ සඳහා කඩිනමින් මැදිහත් වී ගැටලුවට විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වී ඇති බව වාර්තා වේ.

රටේ රාල

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *