ශිරන්ති බේරා දෙන්නැයි මහින්ද මහනාහිමිට කී කතාව බොරු…! – මල්වතු පාර්ශ්වය….

June 30, 2025 at 11:53 am | by emanisa.lk

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අත් අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා බලපෑම් කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මල්වතු පාර්ශ්වයේ මහනාහිමියන්ගෙන් ඉල්ලීමක් කරන ලද බවට සාවද්‍ය පුවත් ප්‍රචාරය කරමින් ඇතැයි මල්වතු විහාරය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම පාර්ශ්වයේ උප ලේඛකාධිකාරී මහවෙල රතනපාල ස්ථවිරගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනයෙහි දැක්වෙන්නේ එවැනි හමුවක් හෝ දුරකතන සංවාදයක් සිදුව නොමැති බවයි.

මෙවැනි සාවද්‍ය පුවත් නිර්මාණය කර මහජන කැළඹීමක් නිර්මාණය කිරීමට උත්සාහ කරන පුද්ගලයන් සහ සංවිධාන සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ද එමගින් අනතුරු අඟවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *