විරාමයට තිත තබමින් මිද්දෙණියෙන් වෙඩි… තරුණයන් දෙදෙනෙක් මරුට…!

June 25, 2025 at 11:38 am | by emanisa.lk

මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේ දී පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.

එලෙස ඝාතනය වී ඇත්තේ අවුරුදු 25ත් – 30ක් අතර වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකු බව පොලිසිය පවසයි.

අද (25) උදෑසන මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, මේ වන විට විශේෂ පරීක්ෂණ කණ්ඩායම් තුනක් මිද්දෙණිය පොලීසිය සමග එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වෙඩි තැබීම කුමන හේතුවක් මත කවුරුන් විසින් සිදුකර ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *