යුද්දේ තිබ්බත් එකයි නැතත් එකයි… රටේ ඕන තරම් තෙල් තියෙනවා… පුරුදු විදිහට ජීවත් වෙන්න….! – බලශක්ති ඇමති…

June 25, 2025 at 10:00 am | by emanisa.lk

ජනතාවට අවශ්‍ය ඉන්ධන ලබාදීමේ වගකීම ජාතික ජන බලවේගයේ රජය විසින් දරන බැවින් ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇතිකර නොගන්නා ලෙසත් වෙනදා ජීවත් වූ ආකාරයටම ‍ජීවත් වන ලෙසත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ජනතාවට පවසයි.

“අපි ළඟ මාස දෙකකට දෙකහමාරකට අවශ්‍ය සැපයුම් තහවුරු කරලා තොග තියෙනවා. ඒකෙ කිසි ගැටලුවක් නෑ. ඒ වගේම දෙසැම්බර් වෙනකල් අපි ගිවිසුම්ගත වෙලා තියෙනවා සැපයුම්වලට. අගෝස්තු අග වෙනකල් අපට තෙල් තියෙනවා සැපයුම හොඳටම. ඊටපස්සෙ අපි දෙසැම්බර් වෙනකල් ප්‍රසම්පාදන කරලා තියෙනවා. එහෙම කියලා අපි බලන් ඉන්නෙ නෑ.

යුද්ධය මොනවා වුණත් අපි ගිය සතියේ ඉඳන්ම අපි වෙනත් කලාපවලින් – ඒ කියන්නෙ මැදපෙරදිග කලාපයට අමතරව අප්‍රිකානු කලාපයේ සම්බන්ධතා ඇති කරගෙන, ඒකට අවශ්‍ය – මොකද සමහර රටවල් තියෙනවා ඔය කලාපවලට අහුවෙන්නෙ නෑ, හැබැයි සම්බාධක තියෙනවානෙ. අපට ගන්න බෑ. අපි ඉරානය පැත්තෙන් අවුරුදු ගාණකින් තෙල් අරන් නෑ. මොකද සම්බාධක නිසා අපට ගන්න බෑ.

කෘතීම තෙල් හිඟයක් ඇති කිරීමට මැදිහත් වෙනවා නම් අපි ඒකට රජය විදියට නීත්‍යානුකූලව කටයුතු කරනවා. අපි වගකියනවා. අපි බැරි නම් බෑ කියනවා. අපි මාස දෙකහමාරකට කලින් මේ කියන්නෙ. කලබල වෙන්න අවශ්‍ය නෑ. තමන් වෙනදා ජීවත් වෙච්ච විදියට ජීවත් වෙන්න. අවශ්‍ය පහසුකම් ටික ලබාදීමේ වගකීම අපි දරනවා. ඒක ගැන සැකයක් තියාගන්න එපා.”

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මේ බව පැවසුවේ ඊයේ (24) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *