පානදුර ප්‍රාදේශීය සභා සීමාව තුළ දිගොරොල්ල පාලමේ සිට වලාන පානදුර නාම පුවරුව දක්වා වන කිලෝමීටර් හතරකට ආසන්න භූමි ප්‍රදේශය තුළ ඉරූ දැව ප්‍රවාහනය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා පැවති නීතිමය බාධාවන් ඉවත් කර ගැනීම සඳහා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිතුමා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමා සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් ද, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්තුමා සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් ද සමග සාකච්ඡා සාර්ථකව අවසන් විය.
හොරේතුඩුව දැව ව්‍යාපාරිකයන්ගේ එකමුතුවේ නියෝජිතයන් ද එක් වූ මෙම සාකච්ඡාවෙන් අනතුරුව එම නෛතික බාධාවන් ඉවත් කර ගැනීම සඳහා කඩිනමින් යෝජනා ක්‍රියාත්මක කිරීමට එකඟතාව පළ වුණි.
අනතුරුව රාජ්‍ය දැව සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ආචාර්ය නිමල් රුවන්පතිරණ මහතා විසින් රචිත ශ්‍රී ලංකාවේ දැව ශාක ග්‍රන්ථය අප වෙත පිළිගන්වන ලදී.
නිලන්ති කොට්ටහච්චි FB