සිරියාවේ කතෝලික පල්ලියකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්… මහ මොළකරු ISIS..!

June 23, 2025 at 3:43 pm | by emanisa.lk

සිරියාවේ ඩැමැස්කස්හි ඕතඩොක්ස් කතෝලික පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

සිරියානු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, තවත් පුද්ගලයන් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව ය.

ඊයේ (22) සවස දේව මෙහෙය අතරතුරදී මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරනු ලැබ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ප්‍රහාරකයා IS සටන්කාමීන් සමග සම්බන්ධතා ඇති අයෙකු බවට අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍යව වාර්තා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *