දූෂණ විරෝධී පනත රාජ්‍ය සේවයටත්… රාජ්‍ය සේවක හතර වරිගයේම වත්කම් වාර්තා ගනී…!

June 22, 2025 at 8:07 pm | by emanisa.lk

සම්මත කරනු ලැබූ 2003 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව, සියලුම රාජ්‍ය සේවකයන්ගේ මෙන්ම ඔවුනගේ කලත්‍රයා සහ දරුවන් ද ඇතුළුව වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීම මේ වන විට ආරම්භ කර ඇත.

ඒ අනුව රජයේ සේවයේ නියුතු සේවක සේවිකාවන්ගේ වත්කම් බැරකම්වලට අමතරව ඔවුනගේ කාලත්‍රයා මෙන්ම දරුවන් සතු දේපළ මෙන්ම බැංකු ගිණුම් පිළිබඳව සියලු තොරතුරු ඊට ඇතුළත් කළ යුතුවේ.

ඊට අමතරව ඔවුනගෙන් යැපෙන අයගේ ද වයස නොසලකා වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබාදීම අත්‍යවශ්‍ය වේ.

එහිදී යම් රාජ්‍ය සේවකයකුගෙන් යැපෙමින් හෝ ඔහුගේ නිවසෙහි එකට ජීවත් වන (බදු පදනමින් නොවේ) අනෙක් තැනැත්තන්ගේ වත්කම් සහ බැරකම් පිළිබඳ තොරතුරු ද මෙම වාර්ෂික ප්‍රකාශය සඳහා ඇතුළත් කළ යුතුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *