මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් මෙරට ඉන්ධන හිඟයක් ඇති නොවන බවත් ඒ සඳහා මේ වන විටත් පියවර ගෙන තිබෙන බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසයි.
ඉදිරි මාස දෙකට අවශ්‍යය ඉන්ධන තොග ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබෙන බව පවසන අමාත්‍යවරයා තවත් තොග ඇනවුම්කර තිබෙන බව ද අනාවරණය කරයි.
මේ තත්ත්වය මත කිසිදු ආකාරයකින් ඉන්ධන හිඟයක් ඇති විය නොහැකි බව කුමාර ජයකොඩි මහතා වැඩි දුරටත් සඳහන් කරයි.