සමරු ඵලකේ මගේ නම දැම්මට විරුද්ධයි… දැක්කේ විවෘත කරද්දි නිසා නිහඬව හිටියා… ඒ වුණාට මම තනියම ගිහින් ආදර්ශයක් දුන්නා…! – ඇමති නලින්ද ජයතිස්ස….

June 11, 2025 at 7:22 pm | by emanisa.lk

වාද්දුව මධ්‍යම මහා විද්‍යාල තාක්ෂණ ගොඩනැගිල්ලේ සමරු ඵලකයේ තම නම පමණක් නොව අගමැතිතුමියගේ ද නම තිබූ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ප්‍රතිපත්තියක් ලෙස සමරු ඵලකවල නම දැමීමට තමන් කිසි දිනක එකඟ නොමැති නමුත් එහි තමන්ගේ නම ඇති බව දුටුවේ එය විවෘත කරන අවස්ථාවේ බවත් ඇමතිවරයා ප්‍රකාශ කරයි.

තමාට ඒ අවස්ථාවේ ම රැඩිකල් තීන්දුවක් ගෙන එම සමරු ඵලකය ගලවා විසි කරන ලෙස දැනුම් දී සමාජ මාධ්‍ය වීරයෙක් වෙන්නට හැකියාව තිබුණ ද එය එම පාසලට සුවිශේෂ අවස්ථාවක් නිසා එසේ නොකළ බව ද නලින්ද ජයතිස්ස පෙන්වා දෙයි.

කෙසේ වුව ද තමන් එම චාම් උත්සවය සඳහා ගියේ කිසිදු ආරක්ෂකයෙකු නොමැතිව සිය වාහනය පදවා ගෙන බවත් කෙටියෙන් කතාවක් ද සිදුකර නැවත පැමිණි බවත් ඇමතිවරයා සඳහන් කරයි.

අද (11) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍ය නැඟූ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *