රක්ෂිත බන්ධනාගාරගත කළ, වැඩ තහනම් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
බන්ධාගාර කොමසාරිස්වරයාට බන්ධනාගාරය තුළ විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබුණු අතර, ඒ අනුව ඔහු ඊයේ (10) පස්වරුවේ පළමුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබුණි.
ඔහුට විශේෂ ආරක්ෂිත ස්ථානයක් ලබා දෙන තෙක් එම බන්ධනාගාරයේ පස්වරු 05.00 පමණ තෙක් රඳවා සිට අනතුරුව ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලේ විශේෂ ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් එහි රඳවා තිබෙන බව සඳහන් වේ.
තුෂාර උපුල්දෙණිය අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා ද අද අනුරාධපුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතය.